ආත්මීය සටහන්

දැවී ඉරිතැලුණු ආත්මයේ බොඳව ගිය මතකයන් ...

Saturday, October 6, 2012

රත්තරන් හීනය

ජීවිතේ දුක කප්පරක් වී
පෙලන විට මා දිවා රැය  තුල
ඔබයි  මාගේ හිත් පොඩිය තුල
සිසිලසක් වී යා වූනේ


දහස් ගව් දුර ජිවිතේ බර
දරා පියමන් කරනවිට මා
ඔබයි  මාගේ වෙහෙස දුරලා
පැන්  පොදක් වී සැනසුවේ


අරමුණක් නැති නිහඬ දිවියේ
තනිව හඬනා නිශායාමේ
ඔබයි  මාගේ හිත් අහස තුල
සරා සඳ වී  මෝදු වුයේ


 

6 comments:

  1. ගොඩක් ලස්සනයි අක්කේ. මේවගේ ලස්සන අදහස් වලින් මේවගේ වැඩක් ගන්න එක ගොඩක් වටිනවා. තවත් සුපිරි කවි ලියන්න පුළුවන් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුත්යි පැතුම් මල්ලියෝ....


      Delete
  2. කලින් ඒවා වගේම තමයි !!!!නිසදැස් කවි විග්‍රහ කරන්න මං දන්න විදිහට ..... උපරිමයි

    ReplyDelete
  3. ඔයාටත් ගොඩක් ස්තුත්යි දිනෙල්ක මල්ලියෝ..... :)

    ReplyDelete

ආත්මීය සටහනක් තබන්නට ඇරයුම ...