ආත්මීය සටහන්

දැවී ඉරිතැලුණු ආත්මයේ බොඳව ගිය මතකයන් ...

Monday, October 8, 2012

නිර්මල ආදරේ

සුදු පිච්ච මලක් වගේ ඔයා මගේ තුන් සිත පුරාම සුවඳ විහිදුවලා ඔයාගේ ඔය රත්තරන් ආදරේ පිරිත් පොතක් බණ පදයක් වගේ මාව සුවපත් කරනවා.

වෙහෙරක් බෝධියක් වගේ මගේ හදවත නිවනවා. මං හිතන්නේ සංසාරේ පුරාම හැම භාවයකදිම  මං ඔයාගෙම වෙලා ඔයා මගේම වෙලා අපි අපේම වෙලා ඉපදෙන්න ඇති.

 මින් මතුත් හැම බවයකදිමත් අපි අපේම වෙමු. මේ ආදරේ මහා ප්‍රාතිහාර්යයක්. මේ විශ්ව ධාතුවේ තියෙන හැම බලයකටම වඩා අපේ ආදරේ ප්‍රබලයි.

ඔයා මගේ ජිවිතේ හරිම සොඳුරු තැනක ජීවත්වෙනවා. මහා නුග රුකක් වගේ මට සෙවන සදනවා.

ඉතින් මං ඔයාගේ හෙවනේ ගුලිවෙලා ඔයාගේ නිර්මල ආදරයේ සුවය විඳිනවා.

4 comments:

  1. නුග සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලදුනි සින්දුව මතක් උනා:)

    ReplyDelete
    Replies
    1. "මහා නුග රුකක් වගේ මට සෙවන සදනවා" කියලා තියෙන හන්ද වෙන්න ඇති...
      ස්තුත්යි මල්ලියෝ ඔයා මේ පැත්තට ආවට...

      Delete
  2. අනේ ඉතින් ඒක එහෙමම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුත්යි මල්ලියෝ...

      Delete

ආත්මීය සටහනක් තබන්නට ඇරයුම ...