ආත්මීය සටහන්

දැවී ඉරිතැලුණු ආත්මයේ බොඳව ගිය මතකයන් ...

Sunday, September 30, 2012

අහිමි සෙනෙහස



පියාගත් මගේ දෙනෙත් අතරට
ඔබ ඇවිත් කඳුලක්  වුනත්
ඔබේ සෙනෙහෙන් පුබුදු වූ
මගේ සිත හරි  සුන්දරයි

ඔබ එපා කිව්  මගේ සෙනෙහස
තවම හදවත පාරවයි
මතක් වෙනවිට කඳුළු පිරුණත්
ඒ අතීතය සුන්දරයි

කොපුල්තල මත දෙතොල් පෙති මත
රැඳුනු හාදුව ලස්සනයි
හිමි නැතත් මට ඔබේ උණුහුම
විඳි සුවඳ මට තනි රකියි

වලාවක් සේ ඔබෙන් ඈතට
පාව යන්නම් නික්මිලා
ඔබ තුටින් ඔ‍බෙ දිවි ගෙවනු මැන
සදා සතුටින් සැනසිලා

මම හිඳිමි මගේ මේ පාලු ලොව තුල
දුක් සුසුම් මැද තනි වෙලා
ඔබේ සෙනෙහස සදාකල්හිම
තියෙයි මගේ හදවත පුරා

6 comments:

  1. Replies
    1. නිකමට ලියවුනු කවියක් මේක.....

      Delete
  2. අදමයි ආවේ...ලස්සනයි ඈ...එන්නම් ආයිත්..

    ReplyDelete
  3. කොහොමද බූට් එක ,....... විශිෂ්ඨයි සර් ...... තිත් දෙකයි ඩී.....සුභ හොදේ

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තුත්යි.... :)

      Delete

ආත්මීය සටහනක් තබන්නට ඇරයුම ...