ආත්මීය සටහන්

දැවී ඉරිතැලුණු ආත්මයේ බොඳව ගිය මතකයන් ...

Thursday, October 11, 2012

සඳේ නුඹ..

සඳක් වී පායන්න එපා නුඹ...මගේ හිත් අහස මත
අඳුරු මේ රැය පුරා
තනිවෙන්න ඉඩදෙන්න මට....
පුංචිම පුංචි ඉඩක්වත්
ඉතිරි නොකරම මට
ඔබ සොරාගෙන මගේ හදවත...
මගේ හිත හදාගෙන 
හිඳින්නට ඉඩදෙන්න
එපා ඔබ තව තවත්
මගේ හිතට ලංවෙන්න....
නොපෙනෙන්නට මට ඔබව
දුර ඈතට යන්න
එපා තව එක වරක්වත්
මගේ දෙස බලන්න...
ඔබ නැතිව ජිවිතේ
තනිව යන්නට බැරි නිසා
මඟ නවතින්නම් මම...
ඒත් ඔබ දුර යන්න
ජීවිතය පුරාවට
යලි කවදාවත්ම
එපා මා හමුවන්න....
ආදරෙයි මං ආදරෙයි
සංසාරේ පුරාවටම
නුඹට පමණක්ම
ආදරෙයි මං හැමදාම.... 



5 comments:

  1. චූටි ඉල්ලීමක් කරන්නද?

    ඔබට හොද නිර්මාණ ශක්තියක් තියෙනවා.එහෙව් එකේ ආදරය ගැනම නොලියා ටිකක් සමාජීය පැත්තට නැඹුරු වූ නිර්මාණ කරනවම් හොදයි.ප්‍රශ්නයක් නෑ ඔයා කැමති දේ කරන්න.අපි කොහොමත් රස විදනවනේ.ජය වේවා !

    ReplyDelete
  2. ධම්මිකගේ ඉල්ලීමම මාත් කරන්න කැමතී

    ReplyDelete
  3. හම්බෝ මම ගොඩක් පරක්කුයි අප්පා. කියවන්න ඉතුරු වෙච්ච පොස්ට් ගොඩකට හිරවෙලා හිටියේ. කවිය ලස්සනයි අක්කේ වෙනදා වගේම.. හ්ම්..මෙයාලා කියන කතාවත් ඇත්ත තමයි, ඒකාකාරී වෙන්නේ නැතුව විවිධත්වයක් කරලා බලන්න, කෙටි කතා වගේ ඒවත් ලියන්න, සාර්ථක වේවි. සුභ පැතුම්

    ReplyDelete

ආත්මීය සටහනක් තබන්නට ඇරයුම ...