පියාගත් මගේ දෙනෙත් අතරට
ඔබ ඇවිත් කඳුලක් වුනත්
ඔබ ඇවිත් කඳුලක් වුනත්
ඔබේ සෙනෙහෙන් පුබුදු වූ
මගේ සිත හරි සුන්දරයි
ඔබ එපා කිව් මගේ සෙනෙහස
තවම හදවත පාරවයි
මගේ සිත හරි සුන්දරයි
ඔබ එපා කිව් මගේ සෙනෙහස
තවම හදවත පාරවයි
මතක් වෙනවිට කඳුළු පිරුණත්
ඒ අතීතය සුන්දරයි
කොපුල්තල මත දෙතොල් පෙති මත
රැඳුනු හාදුව ලස්සනයි
හිමි නැතත් මට ඔබේ උණුහුම
හිමි නැතත් මට ඔබේ උණුහුම
විඳි සුවඳ මට තනි රකියි
වලාවක් සේ ඔබෙන් ඈතට
පාව යන්නම් නික්මිලා
ඔබ තුටින් ඔබෙ දිවි ගෙවනු මැන
සදා සතුටින් සැනසිලා
මම හිඳිමි මගේ මේ පාලු ලොව තුල
දුක් සුසුම් මැද තනි වෙලා
ඔබේ සෙනෙහස සදාකල්හිම
තියෙයි මගේ හදවත පුරා