ජීවිතේ දුක කප්පරක් වී
පෙලන විට මා දිවා රැය තුල
ඔබයි මාගේ හිත් පොඩිය තුල
සිසිලසක් වී යා වූනේ
දහස් ගව් දුර ජිවිතේ බර
දරා පියමන් කරනවිට මා
ඔබයි මාගේ වෙහෙස දුරලා
පැන් පොදක් වී සැනසුවේ
අරමුණක් නැති නිහඬ දිවියේ
තනිව හඬනා නිශායාමේ
ඔබයි මාගේ හිත් අහස තුල
සරා සඳ වී මෝදු වුයේ
හ්ම්.. ෂෝයි...
ReplyDeleteස්තුත්යි මල්ලි.... :)
Deleteගොඩක් ලස්සනයි අක්කේ. මේවගේ ලස්සන අදහස් වලින් මේවගේ වැඩක් ගන්න එක ගොඩක් වටිනවා. තවත් සුපිරි කවි ලියන්න පුළුවන් වේවා...!
ReplyDeleteඔයාට ගොඩක් ස්තුත්යි පැතුම් මල්ලියෝ....
Deleteකලින් ඒවා වගේම තමයි !!!!නිසදැස් කවි විග්රහ කරන්න මං දන්න විදිහට ..... උපරිමයි
ReplyDeleteඔයාටත් ගොඩක් ස්තුත්යි දිනෙල්ක මල්ලියෝ..... :)
ReplyDelete