ආත්මීය සටහන්

දැවී ඉරිතැලුණු ආත්මයේ බොඳව ගිය මතකයන් ...

Thursday, October 11, 2012

සඳේ නුඹ..

සඳක් වී පායන්න එපා නුඹ...මගේ හිත් අහස මත
අඳුරු මේ රැය පුරා
තනිවෙන්න ඉඩදෙන්න මට....
පුංචිම පුංචි ඉඩක්වත්
ඉතිරි නොකරම මට
ඔබ සොරාගෙන මගේ හදවත...
මගේ හිත හදාගෙන 
හිඳින්නට ඉඩදෙන්න
එපා ඔබ තව තවත්
මගේ හිතට ලංවෙන්න....
නොපෙනෙන්නට මට ඔබව
දුර ඈතට යන්න
එපා තව එක වරක්වත්
මගේ දෙස බලන්න...
ඔබ නැතිව ජිවිතේ
තනිව යන්නට බැරි නිසා
මඟ නවතින්නම් මම...
ඒත් ඔබ දුර යන්න
ජීවිතය පුරාවට
යලි කවදාවත්ම
එපා මා හමුවන්න....
ආදරෙයි මං ආදරෙයි
සංසාරේ පුරාවටම
නුඹට පමණක්ම
ආදරෙයි මං හැමදාම.... 



Monday, October 8, 2012

නිර්මල ආදරේ

සුදු පිච්ච මලක් වගේ ඔයා මගේ තුන් සිත පුරාම සුවඳ විහිදුවලා ඔයාගේ ඔය රත්තරන් ආදරේ පිරිත් පොතක් බණ පදයක් වගේ මාව සුවපත් කරනවා.

වෙහෙරක් බෝධියක් වගේ මගේ හදවත නිවනවා. මං හිතන්නේ සංසාරේ පුරාම හැම භාවයකදිම  මං ඔයාගෙම වෙලා ඔයා මගේම වෙලා අපි අපේම වෙලා ඉපදෙන්න ඇති.

 මින් මතුත් හැම බවයකදිමත් අපි අපේම වෙමු. මේ ආදරේ මහා ප්‍රාතිහාර්යයක්. මේ විශ්ව ධාතුවේ තියෙන හැම බලයකටම වඩා අපේ ආදරේ ප්‍රබලයි.

ඔයා මගේ ජිවිතේ හරිම සොඳුරු තැනක ජීවත්වෙනවා. මහා නුග රුකක් වගේ මට සෙවන සදනවා.

ඉතින් මං ඔයාගේ හෙවනේ ගුලිවෙලා ඔයාගේ නිර්මල ආදරයේ සුවය විඳිනවා.

Sunday, October 7, 2012

අපේ ආදරේ

නොදැක ඉන්න  බැරි  තරමට 

මටම  ලංවෙලා

වෙන්වන්නට බැරි තරමට 

ඔබ මගේ වෙලා


දුරස් වෙලා යන්න එපා

ඉතින් මා දමා

ජීවිතයම නැවතෙයි  මගේ

ඔබ නැති හින්දා


ඔබේ පෙමයි මගේ හිතයි

දෙකම එක්වෙලා 

ඔබ මගේ මුළු ජීවිතයම

ගීතයක් කලා

Saturday, October 6, 2012

රත්තරන් හීනය

ජීවිතේ දුක කප්පරක් වී
පෙලන විට මා දිවා රැය  තුල
ඔබයි  මාගේ හිත් පොඩිය තුල
සිසිලසක් වී යා වූනේ


දහස් ගව් දුර ජිවිතේ බර
දරා පියමන් කරනවිට මා
ඔබයි  මාගේ වෙහෙස දුරලා
පැන්  පොදක් වී සැනසුවේ


අරමුණක් නැති නිහඬ දිවියේ
තනිව හඬනා නිශායාමේ
ඔබයි  මාගේ හිත් අහස තුල
සරා සඳ වී  මෝදු වුයේ


 

Monday, October 1, 2012

පෙම්වත් නුඹට......


පෙම්වත් වී ළඟ දැවටෙන්නට
මට ඕන උනා.....
මගේ හිතට පෙම් බඳින්ට
නුඹට බැරි උනා......
පෙරුම් පුරා හමුවන්නට
පිනක් නැති උනා......
අහිමි නුඹට කවි ලියන්න
වචන මදි උනා........